Friday, August 19, 2016

කුමට දකිම්ද සිහින

සිහින දකින්නට
සිත ඇතත්
නුඹ ආස සිහිනය
නොපෙනේනම්
කුමට දකිම්ද සිහින


Thursday, August 18, 2016

කදුල ඉතින් නුඹ පලයන්

සුසුම් සලන හන්තානක
කදුලු සලන මධ‍ය්‍යහනක
එක සුදු පැහැ මලක් වෙලා
නුඹ පිපුනද මලක් වෙලා
මගේ ලොවට
කදුල ඉතින් නුඹ පලයන්
සතුට පමනක් ඉතිරි කරලා


Wednesday, August 17, 2016

ජය මාවත සොයා යන්න

හිනා වෙලා කදුලු මතින්
ජීවිතයට මුහුන දෙන්න
පරාජයේ කවුලු පියන්පත් වලින්
ජය මාවත සොයා යන්න


හිරු බැස ගොසින්

සදත් අවදියෙන්
තරුත් අවදියෙන්
නමුත් හිරු බැස ගොසින්
දහවල එළිය කර
රාත්‍රිය උරුම නැති
අහසින්



ලොව්තුරු දම් අමා රස

දුක සහ සතුට යට සැගවුන දුකම මිස
සැපතක් නොමත කිසිදා ජීවිතය තුළ
එකලු කරන ලොව්තුරු දම් අමා රස
තැවරුන හිසේ සමිදුනි අපි නමමු හිස


Tuesday, August 16, 2016

සෝරත පොඩිසාදු

පුරු පුරු හඩ ඇසී සෝරත පොඩිසාදු
සරනට බඩගිනි වෙලා වාගේ
ලොකු සාදුට  පවසා
දානෙ ගෙට දුවන්නේ බඩගිනි හැදිලා
කිරිබොන වයසේ සිටිනා
සෝරත පොඩි සාදු
සරන දුවන දිවිල්ලට වැඩලා බැ කියලා
දුවනවා සිවුරට පේ වුන
සෝරත පොඩි සාදු



උපාධිය

තුන් වසරක් බැට කාල
උදේ හවස බඩ ගින්නේ ඉදලා
අන්තිමට ගත්ත උපාධිය
කාට නැතත් මට වටිනවා
මහමෙරක් ලෙසට

දැවෙන සිත නිවා දමන්නට

දෙනෝ දාහක් නිතර යන එන
මේ සන්සාර බවයේ
දැවෙන සිත නිවා දමන්නට
තබමි පියවර මේ ලෙසේ
සිත දහම් සිසිලෙන් නිවා
කෙලෙස් දුරුකර
සිත හදාගෙන
දහම් පණිවිඩය ලෝකෙට ගෙනියමි මෙසේ



Saturday, August 13, 2016

සල්ලි මුලු ජීවිතේම අල්ලේ නටවනවා

සල්ලි මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා
මිනිස්සු සල්ලි පස්සේ දුවනවා
අවසානෙට සල්ලි නිසා
ජීවිතෙත් විනශ වී යනවා
සල්ලි තිබුනත්  මනුස්ස කමයි වටින්නේ
මනුස්සකම තිබුනට
සල්ලි නැතුව ජීවත් වෙන්නත් බැ
සල්ලි තිබුනත් ප්‍රශ්න
සල්ලි නැතත් ප්‍රශ්න
සල්ලි මුලු ජීවිතේම
අල්ලේ නටවනවා



Friday, August 12, 2016

අහින්සක ආදර පැතුම

නුඹයි මමයි ආ මේ ගමන් මගේ
නුබත් සමග ගෙවා දමන්නට පින් කර ඇතිද මා
සන්සාර පුරුද්දට හමුවුන අප
හැම බවයෙම පෙරුම් පුරමු අපේම වන්නට
අවසානෙට හැරයනදා අපි අපව
පතන්නෙමි නෙතගට
ඔබේම රුව පමනක්ම ඇදෙන්නට

පහන් සිළුව

දැල්වෙන පහන් සිළුවක්
වැනි අපගේ ජීවිත
මතු දිනක
දැවී  අළු වී යයි
සදහටම

Sunday, August 7, 2016

මල පොඩි කරන්න එපා

ලස්සන මලක් දුටු විට
බඹරුන් ඒ වට කැරකෙනවා
බඹරුනි රොන් ගන්න
මල පොඩි නොකර
මල පොඩිකර
මල් පෙති ගිලිහුන විට
මලේ ලස්සන ගිලිහී යනවා



Saturday, August 6, 2016

සෙබළානෙනි

කුසට අහරක්
දිය පොදක්
නොමැතිව
උදේ හවස
අව්ව වැස්ස නොබලා
රට රකින මුර දේවතාවනි
අපි ඔබලාට සදා ණය ගැතියි

Friday, August 5, 2016

මිනිස් ජීවිතය

උදේට කියනා දේ
හවසට මතක නැති
පාට මාරු කරන
කටුස්සෙකු වාගේ
මිනිස් ජීවිතේ

Monday, August 1, 2016

සිනා වෙන්න එපා

දුප්පත් කමටයි
අසරණ කමටයි
විරුදු කියන්නට
බසයට නැග්ගේ
සමච්චලයට බලලා
අහක බලාගෙන
සිනා වෙන්න එපා
මහතුනි
පිහිට වන්න ඒ නැගෙනිට
බඩ කට පුරවා ගන්නට


Friday, July 29, 2016

ඔබත් දැනුවත්ද ?

නිය ආලේපනය කිරීමේදී අප බොහෝ වැරදි සිදු කරනවා.සෑම දෙනෙක්ම පාහේ සිදු කරනු ලබන පොදු නිය ආලේපන වැරදි කිහිපයක් පිලිබඳවයි මේ සටහන

නියපෙළ අපිරිසිදු අවස්ථාවේ නිය ආලේපන භාවිතා කිරීම.
ආලේපන ගැලවීමට පෙර නියපෙළ සූදානම් කරගෙන නොතිබීම.
Basecoat ආලේප කිරීම මගහැරීම.
නිය ආලේපනට වැරදි ක්‍රම බාවිතා කිරීම.
Topcoat භාවිතා නොකර නිය ආලේපන කිරීම.
නිසිලෙස නිය ආලේපන ගල්වා නඩත්තු නොකිරීම්.


ලෝක ධර්මතාවය

එකම ලෝකයේ මිනිසුන් විවිදාකාරය
රෑපයේ ස්වාභාවය වෙනස්ය
පාට වෙනස්ය
භාෂාව වෙනස්ය
ගතිගුණ වෙනස්ය
එහෙත් වෛරය ක්‍රෝධය තරහව කුහකකම ඊරිසියාව
එකම ආකරයට පිහිටා ඇත
එයයි ලෝක ධර්මතාවය

Wednesday, July 27, 2016

දන්නෝ දනිති නුබේ තරම

ලෝකෙට පෙනෙන්නට
ලස්සනට මායම් දාල හැඩ වුනාට
ඇතුලෙ හිස් ගොඩක් නේද බොලේ
කවුරුත් නොදන්නවා ඇති කියලා හිතුවට
දන්නෝ දනිති නුබේ තරම

දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........

ලෝකය වෙනස් වනු ඇත
මේ පෘතුවිය අගහරු ග්‍රහයා මත කඩා වැටෙනු ඇත
අපි නන්නාදුනනා විශ්වයක තනිවෙනු ඇත
එහෙත් මට ලෝකයෙන් වැඩක් නැත
මේ අරුතක් නැති ලෝකයේ එකම අරුත්බර වූ ඔබේ ආදරයට
මම දිවි හිමියෙන් පෙම් කරමි අම්මේ.........
 

මම අහින්සක සමනලියක්මි

යදින්නියක ලෙස
අසරණ හිගන්නියක ලෙස
ජීවත් වෙන්නට මම ඔබෙන් ජීවිතය යදිමි
ගෙල සිරකර පපුවට පිහි තුඩ තබා
හිසට ගිනි අවි තබා දෑතට ඇණ ගසා
දෙනතට වැලි ගසා ආත්මය මරණයට පත් කරවන
නපුරන්ගේ ලෝකයෙන් මම ජීවිතය යදින්නට බිය වෙමි
මම අහින්සක සමනලියක්මි

Thursday, July 21, 2016

නිසල රාත්‍රියක

පාලු නිසල රාත්‍රියක
තනි වුන තාරකාවියක් ලෙසට
දැනුනා මගේ සිත් මැදුරට තනිකමක්
ඔබ වෙන් වී ගිය
ඒ මොහොතේ............

Tuesday, July 19, 2016

අතීතය

කුඩේ යටින්
නිදහසේ සෑනසිල්ලේ
නුබ යනකොට
පුන්චි නන්ගියේ.......
විඩාබර වූ
මේ ජීවිතෙන් මිදිලා
මට ආසයි නුබත් එක්ක
මගේ සුන්දර අතීතයට
යන්න නන්ගියේ.....

ආදරය

ආදරේදි විතරයි දෑනෙන
දුකත් මිහිරක් වෙන්නේ.....
ආදරේදි විතරයි විදින වේදනවක්
සෑනසිල්ලක් වෙන්නේ.....
ඒකයි හෑම දේකටම වඩා ආදරය
උත්තරීතර වෙන්නේ.....
 

පියාණෙනි


මා අතහැර කොහේ ගියාද
හීනෙන් වත් කියනවාද
නුබේ තුරුලට විත්
නුබේ සෙනෙහස
විදින්න ආසයි
මට අප්පච්චි....
නුබේ සෙනෙහස ලබන්න
පින් මදිවද මට
නුබ මා අතහැර ගියේ
 අප්පච්චි....

බුදු සමිදානෙනි

කෙලෙස් දම් නසා
සත්‍ය අවබෝධ කර
මේ සසරෙන් එතර වන්න
පිහිට වන්න අප හට
මගේ බුදු සමිදානෙනි ..........



Monday, July 18, 2016

මතු පරපුරක අනාගතය


          රටේ අනාගතය බාරගනනා පරපුර වන්නේ දරුවන්ය.දරුවන් රටකට මහත් සම්පතකි.මිහිතලයේ අනාගත පරපුර බිහිවන්නේ දරුවන් තුළින්ය.යහපත් සමජයක යහපත් දරුවන් පිරිසක් ගොඩ නගා ගැනීම රටේ යහපත වෙනුවෙන් අවශ‍ය්‍ය වේ.මැණිකක් රකිනා නාගයෙකු මෙන් දරු පරපුර ආරක්ශා කර ගත යුත්තේ ඒ නිසාවෙනි.
   ලෝක විනශය සිදු වේ යැයි බියෙන් තැති ගත් මොහොතේ එය සිදු නොවීම පිළිබද මහත් සතුටට පත් විය.නමුත් ලොඅක් විනාශය සිදු වී ඈති බව මට හැගේ.එසේ වන්නේ අහස පොලව නුසුලන අපරාද අප රටේ සිදු වන නිසාය.දස මාසයක් ම්ව් කුසේ සිට ලෝක්යේ එළිය දකින්නට උපන් බිළිදා තම මව විසින් මරා දමයි. එසේත් නැතිනම් කුණු ගොඩක කාණුවක දමා තිබේ.මව් පදවිය ලබන්නට කොතරම් වාසනවන්ත විය යුතුද සමජයේ අම්මා දෙවනි බුදුන් ලෙස සලකයි.තම කුසෙන් වදපු දරුවා මර දැමීමට පව්කාර වුනේ කොහොමද?
   පියෙක් යනු පවුල ආරක්ශා කරන පුද්ගලයායි. නමුත් අද වන විග අසන්නට දකින්නග ලැබෙන්නේ පියා විසින් දරුවන් මරා දමන සිදුවීම්ය.තම දියණිය අපයොඅජනය කරනු ලබන්නේ පියා විසින් මෙවනි දේවල් අසන්නට දකින්නට ලැබෙන්නේ අපගේ අවාසනාවටය.. රටේ අනාගත පරපුර මල් වගේ ආරක්ෂා කර ගත යුතු වේ.
  

Saturday, July 16, 2016

මියෙන තුරු මා

                   මියෙන තුරු මා

නොසිතු දිනක නොසිතු මොහොතක
හමු වුනා අප දෙදෙනා
පෙර බවෙහි පුරුද්දට........
ආදරය නැමති යදන් වලින්
 බැදුනා අපගෙ සිත්
හමා ආ මහා කුනාටුවකට හසු වුනා මෙන්
වෙන් වුනා අප දෙදෙනා
යලි එක් නොවන්නට
කිසි දිනක යලිත්
නොසිතමි ප්‍රේමයක්
මින් මතු සිටින්නම් ඔබේ මතකය හා
මියෙන තුරු මා හදවතින්............



අහිමි ආදරය

අහිමි ආදරය

ජීවිතය මෙන් මා
රකිනවා යැයි දිවුරා කිවද
වෙනස් වී අද එම වදන්
නෙත් අගින් ගලනා කදුලු බිදු පිසලන්නටවත්
ඔබ නොමැත මා අසල
ආදරය කියා දුන්නද ඔබ මා හට
විරහවෙ වෙදනාව මා තනිව උගත්තෙමි ......

Tuesday, July 12, 2016

ජීවිතය

දුක් කම්කටොලු
බාධක , සතුට
සියල්ලම කැටි කරගෙන
ගලා බසිනා
දිය පහරකි
ජීවිතය .............

අම්මා

මහමෙරක් දුක් විද
මා බිහි කළ
ලේ කිරි කරපොවා
මා අැති දැඩි කළ
මගේ අාදර අම්මේ..............
මතු සසරෙත් ඔබ
මගේම වේවා අම්මේ............ 

ලස්සන අාදරය


අාදරය ගිනිගෙන ජීවිතෙන් පලිගෙන
සිහින කදු පරදා දවාගෙන
ගියේ අැයි හදවත පලාගෙන
සුසුම් පවනේ හද නිවන්නම්
නෙතේ කදුලින් හද තෙමන්නම්
ජීවිතේ දුක්බරම මොහතක
නුබේ තනියට මම හිදින්නම්







Thursday, July 7, 2016

                 පෙම්වත
අහිමි වන බව කීවත්
පෙම් කලා ඔබේ හදවතට
සිතුනත් විටක අමතක කරන්නට නුබේ රුව
කෙලෙස අමතක් කරන්නද
මගේ සිත සසල කල ඒ නෙත් යුගල ......................

                               වග කියන්නේ කවුද ?
නිදහස් සුන්දර ලෝකයක් ලෙස හීන මෑවූ සරසවිය බාදක කම් කටලු වලින් පිරුන ලොවක් බවට අද පත් වී තිබේ.අද පවතින අද්යාපන ක්‍රමය මෙයට ප්‍රදාන හේතුවයි.පාසල් කාලය නෑවතත් මතක් කර දෙන තත්වයට අද සරසවිය පත් වී තිබේ.නිදහස සම්පූර්නයෙන් අහිමි කර තිබේ.උදේ 8 සිට හවස 6,7 තුරු දේසන වලට සහබාගි විය යුතුයි.එයද අනිවාර්ය කර තිබේ.සියයට 80 ක් පෑමිනීම නොතිබුනහොත් විබාග වලට පෙනී සිටීම තනම් කර තිබේ. සරසවිය තුල සිටින්නේ දෑනුම සොයා යන පිරිසකි.එම නිසා දෑනුම සොයා ගෙන යමේ නිදහස තිබිය යුතුයි.ඒ සියල්ල අද සරසවිය තුල වියකී ගොස් තිබේ.නිදහස් අද්යපනය මෙයද???? කවුඩ මේවට වග කිව යුත්තේ???

mithuriyata

සසර පුරුද්දට
හමු උනා අපි
මේ බවයේ..................
සරසවි මිතුරන් ලෙසට
පතන්නම් මතු බවයෙත්
මෙලෙසම අප හමුවෙන ලෙසට

sihina

                     
                                සිහින අතර 
                                      තනි උන මා
                                              අතරමන් විය
                                                    සුරන්ගනා ලොවක