Friday, August 19, 2016

කුමට දකිම්ද සිහින

සිහින දකින්නට
සිත ඇතත්
නුඹ ආස සිහිනය
නොපෙනේනම්
කුමට දකිම්ද සිහින


Thursday, August 18, 2016

කදුල ඉතින් නුඹ පලයන්

සුසුම් සලන හන්තානක
කදුලු සලන මධ‍ය්‍යහනක
එක සුදු පැහැ මලක් වෙලා
නුඹ පිපුනද මලක් වෙලා
මගේ ලොවට
කදුල ඉතින් නුඹ පලයන්
සතුට පමනක් ඉතිරි කරලා


Wednesday, August 17, 2016

ජය මාවත සොයා යන්න

හිනා වෙලා කදුලු මතින්
ජීවිතයට මුහුන දෙන්න
පරාජයේ කවුලු පියන්පත් වලින්
ජය මාවත සොයා යන්න


හිරු බැස ගොසින්

සදත් අවදියෙන්
තරුත් අවදියෙන්
නමුත් හිරු බැස ගොසින්
දහවල එළිය කර
රාත්‍රිය උරුම නැති
අහසින්



ලොව්තුරු දම් අමා රස

දුක සහ සතුට යට සැගවුන දුකම මිස
සැපතක් නොමත කිසිදා ජීවිතය තුළ
එකලු කරන ලොව්තුරු දම් අමා රස
තැවරුන හිසේ සමිදුනි අපි නමමු හිස


Tuesday, August 16, 2016

සෝරත පොඩිසාදු

පුරු පුරු හඩ ඇසී සෝරත පොඩිසාදු
සරනට බඩගිනි වෙලා වාගේ
ලොකු සාදුට  පවසා
දානෙ ගෙට දුවන්නේ බඩගිනි හැදිලා
කිරිබොන වයසේ සිටිනා
සෝරත පොඩි සාදු
සරන දුවන දිවිල්ලට වැඩලා බැ කියලා
දුවනවා සිවුරට පේ වුන
සෝරත පොඩි සාදු



උපාධිය

තුන් වසරක් බැට කාල
උදේ හවස බඩ ගින්නේ ඉදලා
අන්තිමට ගත්ත උපාධිය
කාට නැතත් මට වටිනවා
මහමෙරක් ලෙසට

දැවෙන සිත නිවා දමන්නට

දෙනෝ දාහක් නිතර යන එන
මේ සන්සාර බවයේ
දැවෙන සිත නිවා දමන්නට
තබමි පියවර මේ ලෙසේ
සිත දහම් සිසිලෙන් නිවා
කෙලෙස් දුරුකර
සිත හදාගෙන
දහම් පණිවිඩය ලෝකෙට ගෙනියමි මෙසේ



Saturday, August 13, 2016

සල්ලි මුලු ජීවිතේම අල්ලේ නටවනවා

සල්ලි මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා
මිනිස්සු සල්ලි පස්සේ දුවනවා
අවසානෙට සල්ලි නිසා
ජීවිතෙත් විනශ වී යනවා
සල්ලි තිබුනත්  මනුස්ස කමයි වටින්නේ
මනුස්සකම තිබුනට
සල්ලි නැතුව ජීවත් වෙන්නත් බැ
සල්ලි තිබුනත් ප්‍රශ්න
සල්ලි නැතත් ප්‍රශ්න
සල්ලි මුලු ජීවිතේම
අල්ලේ නටවනවා



Friday, August 12, 2016

අහින්සක ආදර පැතුම

නුඹයි මමයි ආ මේ ගමන් මගේ
නුබත් සමග ගෙවා දමන්නට පින් කර ඇතිද මා
සන්සාර පුරුද්දට හමුවුන අප
හැම බවයෙම පෙරුම් පුරමු අපේම වන්නට
අවසානෙට හැරයනදා අපි අපව
පතන්නෙමි නෙතගට
ඔබේම රුව පමනක්ම ඇදෙන්නට

පහන් සිළුව

දැල්වෙන පහන් සිළුවක්
වැනි අපගේ ජීවිත
මතු දිනක
දැවී  අළු වී යයි
සදහටම

Sunday, August 7, 2016

මල පොඩි කරන්න එපා

ලස්සන මලක් දුටු විට
බඹරුන් ඒ වට කැරකෙනවා
බඹරුනි රොන් ගන්න
මල පොඩි නොකර
මල පොඩිකර
මල් පෙති ගිලිහුන විට
මලේ ලස්සන ගිලිහී යනවා



Saturday, August 6, 2016

සෙබළානෙනි

කුසට අහරක්
දිය පොදක්
නොමැතිව
උදේ හවස
අව්ව වැස්ස නොබලා
රට රකින මුර දේවතාවනි
අපි ඔබලාට සදා ණය ගැතියි

Friday, August 5, 2016

මිනිස් ජීවිතය

උදේට කියනා දේ
හවසට මතක නැති
පාට මාරු කරන
කටුස්සෙකු වාගේ
මිනිස් ජීවිතේ

Monday, August 1, 2016

සිනා වෙන්න එපා

දුප්පත් කමටයි
අසරණ කමටයි
විරුදු කියන්නට
බසයට නැග්ගේ
සමච්චලයට බලලා
අහක බලාගෙන
සිනා වෙන්න එපා
මහතුනි
පිහිට වන්න ඒ නැගෙනිට
බඩ කට පුරවා ගන්නට