Friday, August 19, 2016

කුමට දකිම්ද සිහින

සිහින දකින්නට
සිත ඇතත්
නුඹ ආස සිහිනය
නොපෙනේනම්
කුමට දකිම්ද සිහින


Thursday, August 18, 2016

කදුල ඉතින් නුඹ පලයන්

සුසුම් සලන හන්තානක
කදුලු සලන මධ‍ය්‍යහනක
එක සුදු පැහැ මලක් වෙලා
නුඹ පිපුනද මලක් වෙලා
මගේ ලොවට
කදුල ඉතින් නුඹ පලයන්
සතුට පමනක් ඉතිරි කරලා


Wednesday, August 17, 2016

ජය මාවත සොයා යන්න

හිනා වෙලා කදුලු මතින්
ජීවිතයට මුහුන දෙන්න
පරාජයේ කවුලු පියන්පත් වලින්
ජය මාවත සොයා යන්න


හිරු බැස ගොසින්

සදත් අවදියෙන්
තරුත් අවදියෙන්
නමුත් හිරු බැස ගොසින්
දහවල එළිය කර
රාත්‍රිය උරුම නැති
අහසින්



ලොව්තුරු දම් අමා රස

දුක සහ සතුට යට සැගවුන දුකම මිස
සැපතක් නොමත කිසිදා ජීවිතය තුළ
එකලු කරන ලොව්තුරු දම් අමා රස
තැවරුන හිසේ සමිදුනි අපි නමමු හිස


Tuesday, August 16, 2016

සෝරත පොඩිසාදු

පුරු පුරු හඩ ඇසී සෝරත පොඩිසාදු
සරනට බඩගිනි වෙලා වාගේ
ලොකු සාදුට  පවසා
දානෙ ගෙට දුවන්නේ බඩගිනි හැදිලා
කිරිබොන වයසේ සිටිනා
සෝරත පොඩි සාදු
සරන දුවන දිවිල්ලට වැඩලා බැ කියලා
දුවනවා සිවුරට පේ වුන
සෝරත පොඩි සාදු



උපාධිය

තුන් වසරක් බැට කාල
උදේ හවස බඩ ගින්නේ ඉදලා
අන්තිමට ගත්ත උපාධිය
කාට නැතත් මට වටිනවා
මහමෙරක් ලෙසට